2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද
2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා වන සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි ලබන 08 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්විමට නියමිතයි.
ඒ අනුව අද දිනයේ සාප්පු සහ කාර්යාලීය සේවකයින් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් 04ක් විවාදයට ගැනිමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවා.
එමෙන්ම පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාල විවෘතව පවතින බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරිමට පහසුකම් සලසා ඇති බව ද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සදහන් කළා.
මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමි අද පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී උන්වහන්සේ මන්ත්‍රිධුරයේ දිවුරුම්දීම සිදු වන බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ.
පසුගිය මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය විසින් හිමි කර ගන්නා ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සදහා අතුරලියේ රතන හිමිගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් පසුගිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබුණා.