අත්අඩංගුවෙන් මිදී පලා යාමට උත්සහ කළ සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට.
අද අලුයම වේයන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යාමට උත්සහ කළ සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් පුද්ගයෙකුගේ අත් පා කපා දමා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට අදාළව එම සැකකරු අත්අඩංගුවට පත්ව තිබුණා.
මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට චෝදනා ලැබ සිටි අදාළ සැකකරු අද අලුයම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමග වේයන්ගොඩ හල්ගම්පිටිය ප්‍රදේශයට ගොස් තිබුණා.
පොලිසිය පැවසුවේ අපරාධවලට සම්බන්ධ ආයුධ කිහිපයක් සොයා සැකකරු සමග එම ප්‍රදේශයට පොලිස් නිලධාරීන් ගමන් කර ඇති බවයි.
එහිදී සැකකරු පොලිස් නිලධාරීන්ට පහරදී පලා යාමට උත්සහ දරා ඇති අතර, එහිදී පොලිසිය එල්ල කළ වෙඩි පහරකින් තුවාල ලැබූ සැකකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.