සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වනදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කෙරේ.

December 27, 2020 at 6:59 pm | LankaTAB
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වනදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කෙරේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වනදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා සංස්කෘතික කටුයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර ලබාදී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ අනුව හුදකලා කර ඇති ප්‍රෙද්ශ හැර අනෙකුත් ප්‍රෙද්ශවල සිනමා ශාලා ජනවාරි 01 වනදා සිට විවෘත කෙරෙනු ඇති බවයි.

චිත්‍රපට නිෂ්පාදකයන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක් සිනමා ශාලා වසා තැබීමෙන් කලාවට සහ කලාකරුවන්ට සිදුව ඇති හානිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව සිනමා ශාලා විවෘත කිරීමේදී අදාළ සිනමා ශාලා විෂබීජහරණයට ලක්කළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති අතර සිනමා ශාලා හිමියන් මෙන්ම ප්‍රේක්ෂකයින්ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ක්‍රියාකළ යුතු බව අවධාරණය කර තිබෙනවා.

Leave a Comment

Related News