Covid-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විදෙස් රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් අද දිනයේ සිට දිනපතා රැගෙන ඒමට සැලසුමක්.
රජයේ නිරෝධායන කටයුතු සදහා සම්බන්ධ වන 300 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙලෙස දිවයිනට දිනපතා පැමිණෙන බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.
ඊයේ දිනයේ සිට මුදල් ගෙවා සහ මුදල් නොගෙවා පුද්ගලයින් 66,000ක පිරිසක් මෙරටට පැමිණීමට ලියාපදිංචි වී ඇති බව සදහන්.
කෙසේ වෙතත් මේ වන විට මුදල් ගෙවා නිරොධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වන පිරිස් මෙරටට ගෙන ඒම සිදුකරනු ලබනවා.
මේ අතර දෛනිකව මෙරටට රැගෙන එන විදෙස්ගත ශ්‍රමිකයින් ඉහළ යෑමත් සමග ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල ධාරිතාව ඉහළ නැංවීමටද පියවර ගෙන තිබෙනවා.
මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන නිරොධායන මධ්‍යස්ථාන 75 ක් මෙරට තුළ ක්‍රියාත්මකයි.