Covid-19 සාදිතයින් 378 දෙනෙකු සුවය ලබයි
මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 11,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අද තවත් ආසාදිතයින් 378 දෙනෙකු සුවය ලැබීමත් සමඟයි.
රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 24 ක ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ .
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 15,723 දෙනාගෙන් 11,031 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.
තවත් ආසාදිතයින් 4644 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබනවා.