අද දහවල් 12 සිට බස්නාහිර පළාතේ ස්ථාන 12කදී විශේෂ කොවිඩ් පාලන මෙහෙයුමක්

April 29, 2021 at 10:20 am | LankaTAB
අද දහවල් 12 සිට බස්නාහිර පළාතේ ස්ථාන 12කදී විශේෂ කොවිඩ් පාලන මෙහෙයුමක්

කොවිඩ් රෝගය පළාත් සහ දිස්ත්‍රික්ක අතර පැතිරීම පාලනය කිරීම සඳහා බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 12 කදී පුද්ගලයින් විවිධ පරීක්ෂාවන්ට ලක්කිරීමට නියමිතයි.

පොලීසිය, ත්‍රිවිධ හමුදාව හා සෞඛ්‍ය අංශවල ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස එය සිදුකෙරෙනවා.

ඒ අනුව කොච්චිකඩේ තෝප්පුව පාලම, කොටදෙණියාව බඩල්ගම පාලම, නිට්ටඹුව හැලගල හන්දිය, මීරිගම ගිරිඋල්ල පාලම, දොම්පේ සමනබැද්ද පාලම, හංවැල්ල වනහාගොඩ පාලම, අලුත්ගම බෙන්තර පාලම, තිනියාවල හන්දිය, ඉංගිරිය කැටකැදැල්ල පාලම, බදුරලිය – කලවාන සමන් දේවාලය අසල,
මීගහතැන්න පොලිස් වසමේ ගොරකදූව අවිත්තාව පාලම සහ දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව යන ස්ථානවල දී එම පරීක්ෂාවන් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එහිදී අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවන්ට ජනතාව යොමුකිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

Leave a Comment

Related News