අද දිනයේ කාළගුණ තත්ත්වය

January 24, 2021 at 10:05 am | LankaTAB
අද දිනයේ කාළගුණ තත්ත්වය

දිවයිනේ සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලපැවැත්වෙන බවයි.

Leave a Comment

Related News