තලවකැලේ, ලිදුල නගර සභාවේ සභාපතිවරයා සිය ධූරයෙන් පහ කිරිමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගනී

February 1, 2021 at 11:20 am | LankaTAB

තලවකැලේ, ලිදුල නගර සභාවේ සභාපතිවරයා සිය ධූරයෙන් පහ කිරිමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පියවර ගෙන තිබෙනවා.

සභාපතිවරයාට එරෙහිව ඉදිරිපත්වී තිබු පැමිණිල්ලකට අනුව සිදු කළ පරික්ෂණයකින් පසු ආණ්ඩුකාරවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තලවකැලේ, ලිදුල සභාපති අශෝක සේපාල මහතාට එරෙහිව එම සභාවේම මන්ත්‍රිවරයෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ලට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් එක් පුද්ගල කොමිසම් සභාවක් පත් කළ අතර එම වාර්තාවට අනුව සභාපතිවරයා නගර සභා ආඥා පනතට පටහැනිව කටයුතු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව පසුගිය 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තලවකැලේ, ලිදුල නගර සභාවේ සභාපතිවරයා සිය ධුරයෙන් පහකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසිමේ ආඥා පනත යටතේ ඉදිරි කටයුතු සිදු කිරිම සදහා මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයාට සහ තලවකැලේ ලිදුල නගර සභාවේ ලේකම්වරයාට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් නියෝග කර තිබෙනවා.

Leave a Comment

Related News