දිවයිනට පැමිණි චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්හේ මහතා දිවයිනෙන් පිටත්වෙ

April 29, 2021 at 10:16 am | LankaTAB
දිවයිනට පැමිණි චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්හේ මහතා දිවයිනෙන් පිටත්වෙ

නිල සංචාරයක් සඳහා පෙරේදා රාත්‍රියේ චීන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු 37 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් දිවයිනට පැමිණියා.

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්හේ මහතා ඊයේ දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා.

ද්වී පාර්ශ්වික සාකච්ඡා වලින් අනතුරුව චීන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස නිදහස් චතුරස්‍රයේ සංචාරයකටද එක්ව තිබෙනවා.

ඉන් අනතුරුව චීන ආරක්ෂක අමාත්‍යවරයා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සංචාරයකටද එක්ව අති බව සදහන්.

Leave a Comment

Related News