නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් අත්අඩංගුවට

April 29, 2021 at 10:18 am | LankaTAB
නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින්  අත්අඩංගුවට

ගතවූ පැය 24 තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 187 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුහුණු ආවරණ නොපැලදීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට පත්ව තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ඒ අනුව පසුගිය දින 04ක කාලයක් තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 617 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම පසුගිය ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකර අත්අඩංගුවට පත්වූ පිරිස 4087ක්.

Leave a Comment

Related News