මුලතිව්, පුදුමාතලන් පන්දික්කරායි වෙරළ තීරයේ දි කේරළ ගංජා තොගයක් සොයාගනී.

January 24, 2021 at 10:11 am | LankaTAB
මුලතිව්, පුදුමාතලන් පන්දික්කරායි වෙරළ තීරයේ දි කේරළ ගංජා තොගයක් සොයාගනී.

මුලතිව්, පුදුමාතලන් පන්දික්කරායි වෙරළ තීරයේ දි කේරළ ගංජා කිලෝග්‍රෑම් 50කට අධික තොගයක් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යය බලකා යාපනය කදවුරේ නිළධාරින් සිදුකළ වැටලීමකදි එම කේරළ ගංජා තොගය සොයාගත් බවයි විශේෂ කාර්යය බලකාය සදහන් කළේ .

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

කේරළ ගංජා තොගය මුලතිව් පොලිසීයට භාරදී ඇති අතර සිද්ධියට සම්බන්ධ පිරිස් සොයා විමර්ශන ක්‍රියාත්මකයි

Leave a Comment

Related News