රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි වන බව නීතිපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දෙයි.

January 19, 2021 at 10:13 am | LankaTAB
රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි වන බව නීතිපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දෙයි.

සිර දඩුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි වන බව නීතිපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට සිව් වසරක සිර දඩුවම් නියම කෙරුණා.

සිර දඩුවම් හිමි වීමත් සමග ඒ මහතාගේ පාර්ලිමේන්තු අසුන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා නීතිපතිවරයාගෙන් කරුණු විමසා තිබෙනවා.

එම කරුණු විමසීමට අනුව නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් අදාළ දැනුම් දීම සිදුකර තිබෙනවා.

Leave a Comment

Related News