වැලිකන්ද ,පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ කඩවත්මඩුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පොලිස් කොස්තාපාල්වරයෙකු මියගොස් තිබෙනවා.

January 24, 2021 at 10:09 am | LankaTAB
වැලිකන්ද ,පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ කඩවත්මඩුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පොලිස් කොස්තාපාල්වරයෙකු මියගොස් තිබෙනවා.

එම මාර්ගයේ මඩකලපුව දෙසට ධාවනය වු ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු වැලිකන්ද රෝහලට ඇතුළත් කිරිමේදි මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්.

ඔහු වාරියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු වැලිකන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Comment

Related News