හෙට සිට බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති පැවැත්වීමට අවසර

January 24, 2021 at 9:22 am | LankaTAB
හෙට සිට බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති පැවැත්වීමට අවසර

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන්කළේ, සෙසු ප්‍රදේශ වල උපකාරක පන්ති නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවැත්වීමට අවසර ලබා දී ඇති බවයි.

කෙසේවෙතත් බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බව ඔහු සදහන් කළා.

උපකාරක පන්ති පැවැත්වීමට අදාළ කරුණු ඇතුළත් චක්‍රලේඛය පසුගිය 16 වනදා නිකුත් කළා.

අදාළ චක්‍රලේඛයෙන් නිර්දේශ කර ඇත්තේ, උපකාරක පන්තියකට සහභාගි කර ගත හැක්කේ අසුන් ගැනීමට තිබෙන ආසන සංඛ්‍යාවෙන් සියයට 50ක ප්‍රමාණයක් හෝ උපරිම ළමුන් 100 දෙනෙකු දක්වා පමණක් බවයි.

එමෙන්ම උපකාරක පන්ති මෙවර විභාගයට පෙනී සිටින අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සදහා පමණක් විවෘත කරන ලෙස ඉල්ලා සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් බස්නාහිර පළාතේ පාසල් 907ක් හෙට සිට ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සදහන් කළා.

Leave a Comment

Related News